සාමාන්‍යයෙන් අපට කෝපි
කියුවහම මතක් වෙන්නේ plain
coffee, milk coffee, Nescafe. නමුත් ඊට අමතරව තවත් නොයෙකුත් කෝපි බීම වර්ග දක්නට ලැබෙනවා .
පහතින් දක්වා ඇත්තේ එම කෝපි වර්ග
වලින් කිහිපයකි.කෙසේ වෙතත් අද වනවිට ලන්කාවේ ද මේවා ඉතා ප්ප්‍රසිද්ධ වී
හමාරය. ලන්කාවේ මේවා 200-300 lkr අතර වෙන නිසාද දන්නේ නැ, ගොඩක් අය මාන්‍ය Ice
කෝපි බොන්නේ.කොහොම උනත් මගේ
අදහස නම් නිකන් හරි රස බලන්න වටිනවා.
Espresso මූලික වූ මේ කෝපි සාදනු ලබන්නේ cappuccino machine එකකිනි.මෙහි අඩංගු වන්නේ espresso, steamed milk and foam.
පහතින් දක්වා ඇත්තේ නිතරම අපට
අසන්නට දකින්නට ලැබෙන කෝපි වර්ගයි.
Espresso (Short Black)
මෙහි ඇත්තෙ කෝපි සහ උනු වතුර(small amount) පමනි.අඩංගු වන්නේ espresso shot දෙකක් එක කෝප්පයකට. මද්‍යස්ත වශයෙන් තිත්ත රසයෙන් යුතු විය යුතු
අතර දියාරු නොවිය යුතුයි.
Short Macchiato
මෙය espresso වලට සමාන වන නමුත් මෙයට steamed milk ස්වල්පයක් එකතු කරයි. දැඩි කෝපි රසයක් සමඟ cream රසක් ඇත.
Long Macchiato
මෙයද Short Macchiato වලට සමාන වන අතර espresso shot දෙකක් ඇත.
Americano
මෙහිදී espresso එකට කිරි වෙනුවට උනු වතුර එකතු කරගන්නවා. දැඩි කෝපි රසයක්
ඇත.
Frappuccino
මෙය Starbucks හි ප්‍රදානතම කෝපි පානයයි.Ice සමග කෝපි මිශ්‍ර කර එයට සිනි සමග කිරි,කැමති syrup
එකක් අවසානයට
whip cream උඩින් සරසා ගතහැකිය
Café Latte
මෙය Espresso, steamed milk සහා foam සහිත බීමක්. මෙය ඉහත කෝපි බීම වර්ග සමහ බලන විට steamed milk නිසා තරමක පැනි රසයක් ඇත.
Cappuccino
Cappuccino, latte වලට සමාන වන අතර එ දෙකේ වෙනස වන්නේ Cappuccino වල වැඩිපුර පෙන ගතිය (Foam) සහ chocolate, Cappuccino එක මත යොදා තිබිමයි.
Mocha
mocha cappuccino සහ hot chocolate වල එකතුවකි. chocolate powder සහ espresso shot එකක් කලවම් කර එයට steamed milk හා foam එකතු කරනවා.
0 comments:
Post a Comment