ලැජ්ජාශීලී
සුකෝමල තරුණියක සිට ජාත්‍යන්තරය ජයගත් විලාසිතා තරුවක් දක්වා ගමන් කල වේල්සයේ කුමරිය
ලෙස විරුදාවලිය ලත් ඩයනා කුමරියගේ සුවිශේෂ වූ විලාසිතා ඇයගේ හදිසි
මරනයෙන් පසුව දශක 2ක කට ආසන්න කාලයක් විලාසිතා ලෝකයේ
නොනැසී පැවතුනි.
20 වෙනි අනුස්මරනය නිමිත්තෙන් ඇයගේ විලාසිතා
ක්‍රම ක්‍රමයෙන් වැඩි දියුණු වූ ආකාරය ගවේෂණය කිරීම සඳහා Kensington පැලස් හී Diana:
Her Fashion Story නමින් ප්‍රදර්ශනයක් පැවත් වීමට කටයුතු කර ඇත.කෙසේවෙතත් මෙම ප්‍රදර්ශනයෙන්
ඇයගේ තිබූ ශක්තිමත් මනස,ස්වාධීනත්වය මනාවට විදහා දැක්වෙනවා
ප්‍රදර්ශනය සදහා තබා ඇති ඇදුම් දෙස බැලීමෙන්
පෙනීයන්නේ ඇයටම තිබූ ආවේනික දැක්මයි.කෙසේවෙතත් ඇයගේ ඉතා ප්‍රසිද්ඩියට පත් වූ semi-transparent skirt ඇදුම
පිලිබඳව සලකා බැලීමේදී එය මහජනයා ඉදිරියේ ඇදිමෙන් ඇය නීති රීති ඇයට අව්ශ්‍ය
ආකාරයට වෙනස් කර හා බිද දැමු ආකාරය පැහදිලිව දැක ගත හැකිය.
එoගලන්ත
රජ පවුලේ විලාසිතා සදහා ප්‍රසිද්ධියක් දැක්වපු පලමු කෙනා Diana කුමරිය නොවේ.රජ පවුල
ඈත අතීතයේ සිටම උසස් පවුල් වලට සුදුසු හා විලසිතා
අනුගමනය කර ඇත.
එයට හොදම උදාහරණය වන්නේ Margaret කුමරියයි.ඇයගේ අදුම් පැලදුම් පිලිබදවද
එකල මාද්‍ය මගින් අනාවරනය කර ඇත.මෙහි ඇති වෙනස වන්නේ ඩයනා කුමරියගේ කාලයේ විද්යුත් මාධ්‍ය ඩිජිටල් කරනයට
භාජනය වෙමින් තිබිමයි.ටැබ්ලොඉඩ් පුවත් පත්
වැනි දේවල් නිසා Diana කුමරියගේ විලාසිතා වේගයෙන් ලෝකය පුරා පැතිරෙන්නට උන අතර ඇයද
ඉතා ඉක්මනින් තමන්ගේ ප්‍රතිරූපය යොදා ගනිමින්
තම අරමුණු කරා යාමට ඉගනගත්තා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLGUe6tnI2eZXnDRsqfr9_DHfWdQVbTA2GmKv8rnK8Jhj9SuMQWV9xPzPlRSNIPo1lnGhWbk6AWT4zjzbBGPo2SzRKBXEo3YlVdVDKLkfInQESVpuDsV-GW6lDprZae_VNdQWPsm4Bmio/s320/p04yy20d.jpg)
රාජකීය පවුලේ කාන්තාවන් අතුරින් සැදෑ
උත්සවයකට කලිසමක් ඇදපු පලමු කාන්තාව ඇයයි.ඇය tuxedo-style ඇදුම් පැලදුම් වලට හා කලුපැහති ඇදුම් වලට ප්‍රියතාවයක්
දක්වා ඇත.කලු පැහය සාමන්‍යයෙන් රාජකීය පවුලේ උදවිය අදිනු ලබන්නේ ශෝක ජනක අවස්ථාවලදීය.
කෙසේ වෙතත්
ඩයනා කුමරිය තමන්ගේ පවුර්ෂත්වය ඇදුම් පැලදුම් වලින් විදහා දැක්වීම ඉතා කැමැත්තෙන් පසු
වූ බවයි සදහන් වෙන්නේ.
0 comments:
Post a Comment